කෘශව පඩුවන්ව අනාථව බැගෑ මනස් ඇතිව ඔබ මොබ දිව ඇවිදින මම, නරසාරථී වූ මුනි රජුන් දිටිමි.
ශාස්තෲන් වහන්සේ මට මෙසේ වදාළ සේක.
“දියණියනි, ශෝක නොකර, සැනසෙන්න, ඔබ තමන් ගැන සොයන්න. කුමක් හෙයින් නිරත්ථික සේ පෙළෙන්නේද?
මාරයා විසින් මඩනා ලද සත්වයාහට ආරක්ෂා පිණිස පුත්තු නොවන්නාහ. පියා ආරක්ෂා පිණිස නොවන්නේය. නෑයෝද ආරක්ෂා පිණිස නොවන්නාහුය. නෑයන් කෙරෙහි පිහිටක් නැත්තේය.”
මුනිදුන්ගේ ඒ දේශනාව අසා පළමු වැනි ඵලය අවබෝධ කළෙමි. පැවිදිව නොබෝ කලකින් රහත්බවට පැමිණියෙමි. යම් අර්ථයක් පිණිස ගිහිගෙන් නික්ම බුදුසසුනෙහි පැවිදි වූවා නම් සියලු සංයෝජනයන්ගේ ක්ෂය වීම වූ ඒ අර්ථය මා විසින් අනුප්රාප්තය. මා විසින් කෙලෙසුන් දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. බැඳුම් සිද සරණ ඇත් රැජිනක සෙයින් ආස්රව රහිතව වාසය කරමි.
පටාචාරා ස්ථවිරාපදානය, අපදානපාළිය