මහණෙනි, යම්සේ සරත්කල අහස පහන් වූ කල්හි පහවූ වළාකුළු ඇති කල්හි හිරු අහසට
නැගෙන්නේ අහසෙහි වූ සියලු අඳුර නසා දිලිසෙන්නේ වේද බබළන්නේ වේද, වෙසෙසින් බබළන්නේ
වේද
මහණෙනි එසෙයින්ම වඩනා ලද බහුල කරන ලද අනිත්‍ය සංඥාව සියලු කාමරාගය ගෙවයි, සියලු රූපරාගය ගෙවය, සියලු භවරාගය ගෙවයි, සියලු අවිද්‍යාව ගෙවයි, සියලු අස්මිමානය ගෙවයි, නසයි.
මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද අනිච්ච සංඥාව සියලු කාමරාගය ගෙවාද, සියලු රූපරාගය ගෙවාද, සියලු භවරාගය ගෙවාද, සියලු අවිද්‍යාව ගෙවාද, සියලු අස්මිමානය ගෙවාද, නසද යත්:
රූපය මෙසේයැ, රූපයේ හටගැන්ම
මෙසේයැ, රූපයේ අස්තඞ්ගමය මෙසේයැ, වේදනාව මෙසේයැ, වේදනාවේ හටගැන්ම මෙසේයැ, වේදනාවේ
අස්තඞ්ගමය මෙසේයැ, සංඥාව මෙසේයැ, සංඥාවේ හටගැන්ම මෙසේයැ, සංඥාවේ අස්තඞ්ගමය මෙසේයැ,
සංස්කාර මෙසේයැ, සංස්කාරයන්ගේ හටගැන්ම මෙසේයැ, සංස්කාරයන්ගේ අස්තඞ්ගමය මෙසේයැ,
විඥාන මෙසේයැ, විඥානයාගේ හටගැන්ම මෙසේයැ, විඥානයේ අස්තඞ්ගමය මෙසේයි.
මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ
බහුල කරන ලද අනිච්ච සංඥාව සියලු කාමරාගය ගෙවයි, සියලු රූපරාගය ගෙවය, සියලු භවරාගය
ගෙවයි, සියලු අවිද්‍යාව ගෙවයි, සියලු අස්මිමානය ගෙවයි, නසයි.
බුදුරජානන් වහන්සේ,
ඛන්ධ සංයුක්තය, පුප්ඵ
වග්ගය, අනිච්ච සඤ්ඤා සූත්‍රය