“මහණෙනි, මිනිසුන්ගේ මේ ආයුස අල්පය, පරලොව යා යුත්තේය, නුවණින්
දත යුතුය, කුසල් කළ යුතුය, බඹසර විසිය යුතුය, උපන්නහුගේ නොමැරීමෙක් නැතිය. මහණෙනි යමෙක්
කලක් ජීවත් වේ නම් හෙතෙම අවුරුදු සියයක් ජීවත් වෙයි. අධික වූයේ නම් ස්වල්පයක්මයි.”
රෑ දාවල් ඉක්ම යයි. ජීවිතේන්ද්‍රිය අභාවයට යයි. කුඩා නදියක දියත්තක් සෙයින් මිනිසුන්ගේ ආයුස ගෙවේ.
කුඹලා විසින් කරන ලද මැටි බඳුන් සියල්ල යම්සේ බිදීම අවසන්
කොට ඇත්තේද, එසෙයින් සත්වයන්ගේ ජීවිතය මරණය අවසන් කොට ඇත්තේය.
යහපත් පුරුෂයා ඒ මද වූ ආයුසයට ලජ්ජා වන්නේය. හිස ගිනි ගත්තකු සෙයින් කුසල්හි හැසිරෙන්නේය.
මරහුගේ නොපැමිණීමක් නම් නැතිය.
මහා නිද්දේස
පාළිය, ජරා සූත්‍ර නිර්දේශය