බොහෝ සෙයින් ප්‍රමාදයට පත්ව සිටින ජනි ජනයා හට ඒ පිලිබදව පෙන්වා දෙමින් තථාගත ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය සිහිකර දෙමින් ඒ ප්‍රමාදි බවින් මිදි ලැබු දුර්ලභ මිනිසත් බවින් උපරිම ප්‍රයෝජන ගැනිමට කරන මග පෙන්විමක් ලෙසින් මෙම පොත ඔබ අතට පත් කිරිමට සිතුවෙමි.
බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මාර්ගය පිළිබදව නිරවුල් අවබෝධය ඇතිකර ගැනීමට උත්සහවත් නොවීම තුල බොහෝ මිනිසුන් අඩමින් වැලපෙමින් ශෝකයෙන් යුතුව අර්ථ රහිතව තමන්ගේ ජීවිතය දින සති මාස අවුරුදු හැටියට ගෙවමින් මෙලොව ද පරලොව ද බෝහෝ සෙයින් පිරිහෙමින් වටිනා මනුෂ්‍ය ජිවිතයට වටිනාකමක් නොදී කටයුතු කරති. එය එසේ නොවිය යුතුයි.
ඔබ ඔබේ ඇස් හැර බැලිමට මෙය සුදුසුම කාලයයි. තවත් ඒ සදහා මොහොතකුදු වැය නොකට ඔබ ඔබ ගේ ඇස් හැර බලන්න. එවිට ඔබට ඔබගේ අසරණකම ඔබගේ දුප්පත්කම, මුලාව සහ රැවටිම ඔබ තුලින් දැන ගත හැකිය.
ධර්මය තුල ජිවිතය විමසා හරි දිශාවකට තම ජිවිතය මෙහෙය විම තුල විශාල සතුටක් සැනසිමක් ඔබ ලබනු නොවනුමානයි. අපගේද පැතුම එයයි. සියලුම සතුන්ගේ සුවපත් භාවය පවතිනුයේ බුදුරජාණන් වහන්සේ දේශනා කල ධර්මය තුලමයි- එම ධර්මය තම ජීවිතය තුලින් දැකීමට නම්, ජීවිතයට ගලපා ගැනිමට නම්, ඒ නිර්මල බුද්ධ වචනය ඔබ හොදින් අසා ධරා වචනයෙන් පුරුදු කර හිතින් සිතා කල්පනා කර දිට්ඨිය හොදින් පිරිසිදු කරගත යුතුව පවති. මෙසේ සම්මා දිට්ඨිය පිරිසිදු වු තරමට තම ජිවිතය ධර්මානුකුලව පවතිනුයේ ඒ පිරිසිදු සම්මා දිට්ඨියට අනුරූපීවමයි. එනම් ධර්මය තුල ධර්මයට අනුරූපි ජිවිතයක් පවත්වා ගනිමටත් තව තවත් නිර්මල බුද්ධ වචනයම ඉදිරියට පරිශිලනය කිරිමට මෙ තුල ඔබට මග පෙන්වීමක් ද සිදු වනු නොවනුමානයි. එය එසේම වේවායි පතමි.
මෙම පුස්ථකය තුල ඛුද්දක නිකායේ පලවෙනි පොත් වහන්සේ තුල ඇතුලත් නිධිකණ්ඩ සුත්‍රය ද, තිරෝකුඩ්ඩ සුත්‍රය ද, ඛුද්දක නිකායේ සුත්ත නිපාතයේ එන සල්ල සුත්‍රය ද යන වටිනා සුත්‍ර දේශනා 03 ක් ඇතුලුුව තවත් සුත්‍ර කිහිපයක් අන්තර්ගත වේ. එහි නිධිකණ්ඩ සුත්‍රයේන් පුණ්‍ය නිධානය හේතු කොට ගෙන සියල්ල ලැබෙන ආකාරය ද, තිරෝකුඩ්ඩ සුත්‍රයෙන් මෙලොවින් පරලොව යන විට දුගතියන් ලැබීම මත එහි දුක පිලිබදව විස්තර වේ. සල්ල සුත්‍රය මගින් මරණය නිසා හඩන වැලපෙන අයුරුද, මරණය ඉදිරියේ අසරණ බව ද, තමාගේ මරණය හා අන් අයගේ මරණය පිලිබදව කෙසේ කටයුතු කල යුතුද යන්න මනා ලෙස විස්තර වේ.
මෙම වටිනා සුත්‍ර දේශනා තුන ඇතුලු අනිකුත් සුත්‍ර දේශනා නැවත නැවත පරිශිලනය කරමින් තම ජිවිතය නැවත නැවත විමසා තම ජිවතය සුවපත් කරගනිත්වා. සෘජු මග එලිපෙහෙලි කරගනිත්වා. මෙලොව දියුණුව ද, පරලොව දියුණුව ද, ධර්මාවබෝධය ද, සිදුකරගනිත්වා. තම ජිවිතය සුවපත් කරගෙන, සතුටින් සැනසීමෙන් ජිවිතය ගතකරත්වා යි මෙත් සිතින් පතමින්. මේ තුලින් අප ජනිත කරගත් සියලු පිං සතුටු සිතින් අනුමෝදන් කර ඒ අනුමෝදන් වන පිණ ද ඔබ සැමදෙනාටම නිවනින් සැනසීම පිනිසම වේවායි ප්‍රාර්ථානා කරමි.
තෙරුවන් සරණයි!